Overblog
Edit post Follow this blog Administration + Create my blog
14 Dec

Though

Published by yashadi panditharathne

මිය ගිහින්දෝ ඒ අතීතය

ඔබේ සිනහව මගේ වූ දින

වැලලුනාදෝ ඒ අතීතය

අපිට අප පමනක් පෙනුන දින

ඇදහුවාදෝ ඔබේ සිත එය

මා නොමැති ලොව සතුට එන බව

සිතනවද ඔබ අලුත් පිටුවක්

වෙනස් කෙරැමට ඔබේ දිවියම

සැබෑවක්දෝ අරැමයක්දෝ

කුමක්දැයි නොහැගේ මසිතට අද

අඳුර රජයන කුටිය තුල සිට

වැලපෙමී මම තවම සිත සිත

පිළිගනිම්දෝ පසුතැවෙම්දෝ

මොක කලත් අද ඉතිරි කඳුලය

ඇරඹුමේදිම දුටුවනම් මෙය

වියෝගින්නක් නැහැ නොවෙද අද

Comment on this post

About this blog

thoughts about you